ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දින ප්‍රකාශයට පත් කෙරේ

Date:

2021-23 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දින ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(8) නිවේදනය කළා.

ඒ අනුව අවසන් තරගය ජූනි 7 වැනිදා සිට 11 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

අවසන් තරගය සදහා ජූනි 12 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එංගලන්තයේ ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ දී යි අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

2019-21 කාලයේ දී අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියර පැවැති අතර, 2021 වසරේ දී එංගලන්තයේ සවුත්හැම්ටන් හී දී පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 8 කින් ඉන්දියාව පරාජයට පත් කළ නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ශූරයින් බවට පත් වුණා.

මේ වන විට රටවල් 9ක් ක්‍රීඩා කරන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව 75.56 % ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන අතර, 58.93 % ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවනවා.

එම කණ්ඩායම් දෙක අතර හෙට(9) සිට තරග 4 කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ ප්‍රතිපලය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීම සදහා ප්‍රබල බලපෑමක් සිදු කරනු ඇති.

ශ්‍රී ලංකාව 53.33% ලකුණු ප්‍රතිශතයක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකාව 48.72% ලකුණු ප්‍රතිශතයක් සමගින් සිව්වැනි ස්ථානයේ ද පසුවනවා.

එම කණ්ඩායම් දෙකට ද අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවමත් විවෘතයි.

ටෙස්ට් ශූරතාවලියේ ඉතිරි තරගාවලි –

India v Australia series

  • India v Australia (1st Test) – Nagpur, India, 9-13 February
  • India v Australia (2nd Test) – Delhi, India, 17-21 February
  • India v Australia (3rd Test) – Dharamsala, India, 1-5 March
  • India v Australia (4th Test) – Ahmedabad, India, 9-13 March

South Africa v West Indies series

  • South Africa v West Indies (1st Test) – Centurion, South Africa, 28 February-4 March
  • South Africa v West Indies (2nd Test) – Johannesburg, South Africa, 8-12 March

New Zealand v Sri Lanka series

  • New Zealand v Sri Lanka (1st Test) – Christchurch, New Zealand, 9-13 March
  • New Zealand v Sri Lanka (2nd Test) – Wellington, New Zealand, 17-21 March

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...