“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ දී පවත්වනවානම් මම සතුටු වෙනවා ” : ආර්. අශ්වින්

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ඉඩ ඇති බව ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් පවසනවා.

ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව සම්බන්ධයෙන් සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සතු වුවද, තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කිරීමත් සමග තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ගැටලු මතු වුණා.

පාකිස්තානයේ පැවැත්වෙන ආසියානු කුසලානය සදහා ඉන්දියාව සහභාගී නොවන්නේනම් තම රට ද ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බවටයි පාකිස්තානය අනතුරු අගවා සිටියේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් බහරේන් හී දී පසුගිය 4 වැනිදා පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේ දී අවධානය යොමු වුණා.

කෙසේ වෙතත්, එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැණුුනු අතර, දීර්ඝ වශයෙන් අදාළ ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වා අගෝස්තු-සැප්තැම්බර් මාසලවලදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබද අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේ දී ගැනීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ.

ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ සත්කාරක අයිතියට යටත්ව, ඉන්දියාවට ක්‍රීඩා කළ හැකි රටක පැවැත්විය යුතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මතය වී ඇති බව සදහන්.

පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණේ ද එහි සත්කාරක අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වී තිබූ පසුබිමකයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්. අශ්වින් සදහන් කළේ මෙවර ආසියානු කුසලාන තරගාවලිය බොහෝ විට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ඉඩ ඇති බවයි.

“අවසන් තීරණය ඇතැම් විට ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම විය හැකියි. ඒක වැදගත් වෙනවා පන්දුවාර 50 ලෝක කුසලානය සදහා. ගොඩක් තරගාවලි ඩුබායි හී දී පැවැත්වෙනවා. තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළහොත් මමත් සතුටු වෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...