ගැරී බැලන්ස්ගෙන් නව වාර්තාවක් ; කොදෙව්වන් ලකුණු 89ක් ඉදිරියෙන්

Date:

සිම්බාබ්වේහි ගැරී බැලන්ස් රැස් කළ වාර්තාගත නොදැවුණු ශතකය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග බුලවායෝ හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ(7) දිනයේ දී අඛන්ඩව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවධානමෙන් මිදීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 114 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිමට අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 379 ක් ලබා සිටියදීයි. ඒ, කොදෙව්වන් සිය පළමු ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලබා ගත් ලකුණු 447 ට පිළිතුරු වශයෙන්.

සිම්බාබ්වේ ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 192 දී බිද වැටුණු අතර, අනතුරුව 8 වැනි කඩුල්ල සදහා ලකුණු 135 (233) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ගැරී බැලන්ස් සමග පිටියේ එක් වූ බ්‍රෙන්ඩන් මවුටා සමත් වුණා.

බැලන්ස් නොදැවී ලකුණු 137 ක් රැස් කළේ පන්දු 231 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ තරගයේ දීම මෙම ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්.

බැලන්ස් මීට පෙර එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී ඔහු ශතක 4 ක් වාර්තා කර තිබුණා. ඒ අනුව ගැරී බැලන්ස් ඉතිහාසගත වුණේ රටවල් දෙකක් වෙනුවෙන් ටෙස්ට් ශතක වාර්තා කළ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර Kepler Wessels ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ශතක වාර්තා කර තිබුණා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 75 කට කඩුලු 3 ක් දවා ගත්තා.

සිව්වැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 21 ක්.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 89 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...