Watch : කැපිටල්ස් කණ්ඩායමට ජය ගෙන ආ කුසල් ‌මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(7) රාත්‍රියේ සෙන්චූරියන් හී දී පැවැති තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.

මෙම තරගයෙන් Paarl Royals කණ්ඩායම පරදා ලකුණු 59 ක ජයක් වාර්තා කළේ ද කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැපිල්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 226 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් රැස් කළේ පන්දු 41 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්. (දර්ශන පහතින්)

කොලින් ඉන්ග්‍රම් ලකුණු 41 ක් ද, පිල් සෝල්ට් ලකුණු 39 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 39 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

ජොස් බට්ලර් පන්දු 45 කින් ලකුණු 70 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ජේම්ස් නීෂම් ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...