ලසිත්ගේ ශතකය පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා A පිලට හිමි කර දෙයි

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (7) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ‘A’ නායක නිපුන් ධනංජය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 44.3 ක් පමණයි.

ඒ වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 190 ක්.

නිශාන් මදුෂ්ක හා නුවනිදු ප්‍රනාන්දු ලකුණු 22 බැගින් ලබා සිටියදී දැවී ගියා. කමිදු මෙන්ඩිස් ලකුණු 6යි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 122 ක් හා නිපුන් ධනංජය නොදැවී ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Sam Cook, Matthew Fisher හා Josh Tongue එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...