“ඉන්දියාවේ දී ඉන්දියාව පරාජය කිරීම අලුබදුන ජය ගන්නවාට වඩා ලොකුයි”

Date:

එංගලන්තයට එරෙහි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට වඩා ඉන්දියාවේ දී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීම වැදගත් බව ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් පවසනවා.

එළඹෙන 9 වැනිදා නාග්පූර්හී දී දෙරට අතර ආරම්භ වීමට නියමිත තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් cricket.com.au වෙඩ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

“ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් පමණක් නොව තරගාවලියක් ජය ගැනීම අතිශය දුෂ්කරයි. ඉතිං අපි ඒ දේ කළොත්, ඒක ලොකු දෙයක්. මම හිතන්නේ ඔබ ඉන්දියාවේ දී දිනුවොත් එය අලුබදුන ජය ගන්නවාට වඩා විශාලයි.”

මේ අතර, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සදහන් කර සිටියේ ලොව සිටින හොදම දග පන්දු යවන්නන්ට එරෙහිව හොදින් ක්‍රීඩා කිරීමට තමා අපේක්ෂාවෙන් පසුවන බවයි.

“පසුගිය අලුබදුන තරගාවලියේ කොටස්කරුවෙකු වීම සුවිශේෂී දෙයක්. නමුත්, ඉන්දියාවට ගිහිං ඉන්දියාව පරාජය කිරීම තමයි අපිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන දැවැන්තම අභියෝගය”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...