Watch : MI Cape Town අසරණ කළ තීක්ෂණගේ සුපිරි පන්දු යැවීම

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී ද විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට ජෝබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ජොහැනස්බර්ග් හීදී මෙම තරගය පැවැති අතර, එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ එම් අයි කේප් ටවුන් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා. ඒ, ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෆෆ් ඩු ප්ලෙසිස් හා රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු නොලබා දැවී ගිය පසුබිමකයි.

Leus du Plooy නොදැවී ලකුණු 81 ක් රැස් කළේ පන්දු 48කින්. මැතිව් වේඩ් පන්දු 18 කින් ලකුණු 40 ක් රැස් කළා. පන්දු යැවීමේ දී සෑම් කරන් හා ජොෆ්ර ආචර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කේප් ටවුන් කණ්ඩායමට පන්දුවාර 17.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

ඩිවෝල්ඩ් බ්‍රේවිස් ලකුණු 27 කට දැවී ගිය අතර, Grant Roelofsen ලකුණු 21 යි.

පන්දු යැවීමේ දී Gerald Coetzee ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ ලකුණු 16 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 2ක් බිද හෙලුවා.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...