Watch Live : එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A දෙවැනි ටෙස්ට් තරගය

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (7) ආරම්භ වුණා.

ගාල්ලේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ‘A’ නායක නිපුන් ධනංජය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ සිට එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තරග ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල යූටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකියි.

ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අද සිට පැවැත්වෙන සෙසු සියලු තරග ක්‍රීඩාංගනයට පැමිණ නැරඹීම සදහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව එම තරග නැරඹිය හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙවැනි සිව්දින තරගයෙන් පසුව කණ්ඩායම් දෙක අතර එක්දින තරග 3 ක් ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය පසුගිය 3 වැනිදා අවසන් වුණේ ජය පරාජයකින් තොරවයි.

දෙවැනි ටෙස්ට් තරගය සජීවීව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...