චන්ද්‍රපෝල්ගේ 207* හා බ්‍රැත්වෙයිට්ගේ 182 හමුවේ කොදෙව්වන් ප්‍රබල ස්ථානයක

Date:

සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පත් කර ගනිමින් ටගෙනරීන් චන්ද්‍රපෝල් නොදැවී රැස් කළ ලකුණු 207 න් ශක්තිමත් වෙමින් සිම්බාබ්වේ කණ්ඩායම සමග බුලවායෝ හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ(6) නිමා වන විට තරගයේ පාලනය සියතට ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව සිටියා.

කොදෙව් පළමු ඉනිම වෙනුවෙන් පන්දු 467 කින් වාර්තා වූ චන්ද්‍රපෝල්ගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 16 ක් ඇතුළත්. නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් හතරේ පහර 18 ක් සමගින් ලකුණු 182 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 336 ක්. එය ටෙස්ට් ක්‍රිකට් තරගයකදී පළමු කඩුල්ල සදහා බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු විසින් ගොඩ නැගූ ඉහළම ලකුණු සම්බන්ධතාවයයි.

එම සබදතාවයෙන් සවිමත් වූ කොදෙව්වන් සිය පළමු ඉනිම කඩුලු 6 ක් දැවී ලකුණු 447 ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළා.

පන්දු යැවීමේ දී Brandon Mavuta ලකුණු 140 කට කඩුලු 5 ක් දවා ගත්තා.

තෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 114 ක්.

Innocent Kaia නොදැවී ලකුණු 59 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, Tanunurwa Makoni ලකුණු 33 කට දැවී ගියා.

ඒ අනුව මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 333 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...