වසර 33 ක වාර්තාවක් බිද දමමින් බ්‍රැත්වෙයිට් හා චන්ද්‍රපෝල් කොදෙව් ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයි

Date:

ටෙස්ට් ක්‍රිකට් තරගයකදී පළමු කඩුල්ල සදහා බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු විසින් ගොඩ නැගූ ඉහළම ලකුණු සම්බන්ධතාවය ගොඩ නගමින් නව වාර්තාවක් පිහිටුවීමට ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් හා ටගෙනරීන් චන්ද්‍රපෝල් අද(6) සමත් වුණා.

ඒ, සිම්බාබ්වේහි බුලවායෝ හී දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

තරගයේ පළමු දින දෙකටම වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑම් එල්ල වූ බැවින් අද දිනය ආරම්භ කරන විටත් යොමු කර තිබුණේ පන්දුවාර 89 ක් පමණයි.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 221 ක් ලබා සිටියා.

බ්‍රැත්වෙයිට් හා චන්ද්‍රපෝල් අතර ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 299 ක් ලෙස සටහන්වනවාත් සමගයි මෙතෙක් කොදෙව්වන් වෙනුවෙන් පැවැති හොදම ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බිද වැටුණේ.

මීට පෙර Gordon Greenidge හා Desmond Haynes විසින් 1990 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 298 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් කොදෙව් පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් තරගයක ආරම්භක කඩුල්ල සදහා ගොඩ නැගූ හොදම සම්බන්ධතාවයේ වාර්තාව පිහිටුවා තිබුණා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් හා ටගෙනරීන් චන්ද්‍රපෝල් අතර පළමු කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 336 ක්.

එම සබදතාවය බිද වැටුණේ බ්‍රැත්වෙයිට් ලකුණු 182 කට දැවී යාමත් සමගයි. චන්ද්‍රපෝල් නොදැවී ලකුණු 149 ක් ලබා තවදුරටත් කඩුල්ලේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...