2023 ආසියානු කුසලානය ගැන අද ගත් තීරණය මෙන්න

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

අද(4) බහරේන් හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේ දී යි මෙම තීරණයට එළඹ ඇත්තේ.

ඒ අනුව දීර්ඝ වශයෙන් මේ සම්බන්යෙන් තවදුරටත් සාකච්ඡා පවත්වා අගෝස්තු-සැප්තැම්බර් මාසලවලදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබද අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමකදී ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සතු වුවද, තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කිරීමත් සමගයි තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ගැටලු මතු වූයේ.

ආසියානු කුසලානය සදහා ඉන්දියාව සහභාගී නොවන්නේනම් තම රට ද තරගාවලියට ක්‍රීඩා නොකරන බවටත්, ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තම රට ක්‍රීඩා නොකරන බවටත්, පාකිස්තානය අනතුරු ඇගවීම් ද සිදු කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මතය වී ඇත්තේ ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවට ක්‍රීඩා කළ හැකි රටක පැවැත්විය යුතු බවටයි.

එහිදී තරගාවලියේ සත්කාරක අයිතිය පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු වීම සම්බන්ධයෙන් ද ඉන්දියාවේ විරෝධය පලවී නොමැති බව සදහන්.

පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණේ ද එහි සත්කාරක අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වී තිබූ පසුබිමකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...