5 වැනි වරටත් BBL ශූරතාවය පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට

Date:

මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අද(4) සමත් වුණා.

ඒ, පර්ත් හී දී පැවැති අවසන් මහා තරගයේ දී බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් හිමි කර ගනිමින්.

පසුගියවර තරගාවලියේ ද ශූරතාවය දිනූ ස්කෝචර්ස් කණ්ඩායම මෙවර බිග් බෑෂ් ලීග් ශූරතාවය ජය ගනු ලැබුවේ 5 වැනි වරටයි.

අද පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

Nathan McSweeney ලකුණු 41ක්, Sam Heazlett ලකුණු 34 ක් හා Max Bryant ලකුණු 31 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Jason Behrendorff හා Matthew Kelly කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක Ashton Turner ලකුණු 53 ක් ලබා ගත්තේ පන්දු 32 කින්. Josh Inglis ලකුණු 26 ක් ද, Cooper Connolly නොදැවී ලකුණු 25 ක් ද ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...