Watch : වනිදුගේ ගුග්ලියට පතාන් ගොදුරු වූ හැටි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් ජාත්‍යන්තර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(2) රාත්‍රියේ දී ඩුබායි ක්‍රීඩාංගනයේ දී පැවැති තරගාවලියේ 25 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 22 කින් පරාජයට පත් වූයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

සෑම් බිලින්ග්ස් ලකුණු 54 ක් රැස් කළ අතර, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 23 කින් ලකුණු 50 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෆ්‍රෙඩ් ක්ලාසෙන් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා. චාමික කරුණාරත්න ලකුණු 32 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩුබායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

සිකන්ඩ රාසා ලකුණු 41 ක් ද, රොව්මන් පවෙල් ලකුණු 33 ක් ද රැස් කළා. දසුන් ශානක ලකුණු 11කටත්, චාමික කරුණාරත්න ලකුණු 10 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ලුක් වුඩ් ලකුණු 36 කට කඩුලු 2 ක් දවා ගත්තා. වනිදු හසරංග කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 25 ක් ලබා දෙමින්.

ඔහුගේ පන්දුවක් හමුවේ ලකුණු 5 කට දැවී ගියේ යුසුෆ් පතාන්.(දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...