ලෝක කුසලාන සුපර් ලීගයෙන් දකුණු අප්‍රිකාවේ ප්‍රසාද ලකුණක් කපා හරියි

Date:

එංගලන්තය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා කිරීමට නොහැකි වීම හේතුවෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත කාලය අවසන් වන විට එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති බැවිනුයි අයි.සී.සී තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් මෙම දඩ නියම කිරීම සිදු කර ඇත්තේ.

මීට අමතරව මෙම වරද හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනින් දකුණු අප්‍රිකාවට හිමිව තිබූ එක් ලකුණක් කපා හැරීමට ද අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ලකුණු 79 ක් ලබා සිටි දකුණු අප්‍රිකාවට මේ වන විට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 78 ක්. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 77 ක් සමගින් රැදී සිටින්නේ එහි 10 වැනි ස්ථානයේයි.

දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා විසින් වරද හා දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...