වෙන්දේසියේ දී කැපුණු බවුමා අවසන් මොහොතේ දී SA20 තරගාවලියට

Date:

එංගලන්තය සමග පැවැති තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා එම තරගාවලියේ දී පිත්තෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමට තෝරා ගෙන තිබෙනවා.

සන්රයිසස් ඊස්ටර්ස් කේප් (Sunrisers Eastern Cape) කණ්ඩායම විසින් ඔහුව මිලදී ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

එම කණ්ඩායම නියෝජනය කළ ටොම් ඇබෙල් වෙනුවට ටෙම්බා බවුමා සන්රයිසස් කණ්ඩායම සදහා මිලදී ගෙන තිබෙනවා.

ටොම් ඇබෙල් ශ්‍රී ලංකා සංචාරයක නිරත එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කරන බැවිනුයි ඔහුට SA20 තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබුණේ.

තරගාවලියට අදාළව පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී ටෙම්බා බවුමා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී බවුමා තරග 3කදී ලකුණු 180 ක් රැස් කළ අතර, එම දක්ෂතාවය හේතුවෙනුයි ඔහුව SA20 තරගාවලිය සදහා තෝරා ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...