Watch : මන්සේ බින්දුවට දවා ගත් කොට්‍රෙල්ගේ සුපිරි යෝකර් පන්දුව

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් ජාත්‍යන්තර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(2) රාත්‍රියේ දී ඩුබායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් සමත් වුණා.

ඔහුගේ සුපිරි යෝකර් පන්දුව හමුවේ දැවී ගියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජෝර්ජ් මන්සේ.

ඒ වන විට පන්දු 3 කට මුහුණ දී සිටි මන්සේ කිසිදු ලකුණක් රැස් කර ගෙන සිටියේ නැහැ. (දර්ශන පහතින් නරඹන්න)

තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා. සෑම් බිලින්ග්ස් ලකුණු 54 ක් රැස් කළ අතර, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 23 කින් ලකුණු 50 ක් රැස් කළා.

ඩුබායි කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී යි කොට්‍රෙල්ගේ විශිෂ්ඨ යෝකර් පන්දුව හමුවේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස මන්සේ දැවී ගියේ.

ඒ වන විට ඩුබායි ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 11 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...