සන්දීප් ලැමිච්හානේගේ ක්‍රිකට් තහනම ඉවතට

Date:

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා විශිෂ්ඨ දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) එරෙහිව නේපාල ක්‍රිකට් සංගමය පැනවූ තාවකාලික ක්‍රිකට් තහනම අවලංගු කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ දී 22 හැවිරිදි සන්දීප් ලැමිච්හානේට ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළේ ඔහුට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට වන චෝදනාව හේතුවෙන්.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන සිටි ඔහුට පසුගිය මාසයේ දී ඇප නියම වූ අතර, අවසන් නඩු තීන්දුව ලබා දෙන තුරු විදේශගත වීම තහනම් කිරීමටයි නියම කෙරුණේ.

ඇප නියම වීමත් සමගයි ඔහුට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ද ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම මාසයේ දී නැමීබියාවට හා ස්කොට්ලන්තයට එරෙහිව නේපාලයේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයේ තුන් කොන් ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

කෙසේ වෙතත්, නේපාල කණ්ඩායම විදෙස් සංචාරයක් සදහා සහභාගී වන විට ඒ වෙනුවෙන් එක්වීම සදහා ඔහුට අධිකරණයෙන් අවසර ගැනීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...