සුසන්තිකා ජයසිංහට ක්‍රිකට් ආයතනයෙන් නව වගකීමක්

Date:

කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම සදහා ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

“උපදේශක – කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය” යන වගකීම ඇය වෙත පවරා ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙටි දුර ධාවන ඉසව්වක ඔලිම්පික් පදක්කමක් දිනා ඇති එකම ආසියානු ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාවේ වත්මන් සහ අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා සිය කැපවීම සහ අධිෂ්ඨානය පිළිබඳ අත්දැකීම් බෙදා ගනු ඇති.

පෙබරවාරි පළමු වැනිදා සිට ඇයගේ පත් වීම බලාත්මක බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

“මම ගොඩක් සතුටු වෙනවා මේ අලුත් අභියෝගය ගැන. තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට, අභියෝග සදහා සාර්ථකව මුහුණ දෙන්න හා අනාගයේ දී තරු බවට පත් වීමට ඔවුන් යන ගමනට ඔවුන්ට උපකාර කිරීමට එය මට අවස්ථාව ලබා දෙනවා.” යනුවෙන් සුසන්තිකා ජයසිංහ සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...