ලීග් ක්‍රීඩා කරන්න ගිය ප්‍රබල ක්‍රීඩකයින් රැසක් යළි දිවයිනට කැදවයි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර 20යි 20 ලීග් (International League T20) ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු යළි මෙරටට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

එළඹෙන නවසීලන්ත තරග සංචාරයට අයත් ටෙස්ට් තරගාවලිය සඳහා එම ක්‍රීඩකයින් සූදානම් කිරීමේ අරමුණිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව පිතිකරුවන් වන දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර දිවයිනට කැඳවීමට තීරණය කර ඇති බව අද දෙරණ කෙළිබිම වාර්තා කර තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා එම ක්‍රීඩකයින් ක්‍රීඩා කරවීමට ද ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

ජාතික සුපර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර 20යි 20 ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම වෙනුවෙන් නිදහස් කර තිබීම සම්බන්ධයෙන් පසුගිය දිනවලදී දැඩි කතාබහක් ඇති වුණා.

ඒ සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික තේරීම් කමිටුවේ ද අවදානය පසුගියදා යොමුව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...