දෙවැනි 20යි 20න් පසු ලක්නව් තණතීරු භාරකරු ධූරයෙන් නෙරපයි

Date:

ලක්නව් හි ‘ඒකනා’ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු එම ධූරයෙන් නෙරපා හැර තිබෙනවා.

ඒ, ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා මන්දගාමී හා දග කැවෙන දුර්වල තණතීරුවක් සකස් කිරීම හේතුවෙන්.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් පමණක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම කිසිදු පිතිකරුවෙකු එක් හයේ පහරක් හෝ එල්ල කිරීමට සමත් වූයේ නැහැ.

ක්‍රියාත්මක වූ පන්දුවාර 39.5 න් පන්දුවාර 30 ක් ම දග පන්දු යවන්නන් විසින් යොමු කිරීම ද කැපී පෙනුණා.

“අවංකව කීවොත්, ඒක ඉතා නරක තණතීරුවක්” යනුවෙන් ඉන්දීය නායක හර්ඩික් පාන්ඩ්යා ද මාධ්‍ය වෙත සදහන් කර සිටියා.

“තණතීරු භාරකරු ඉවත් කර ඔහු වෙනුවට අත්දැකීම් බහුල තණතීරු භාරකරුවෙකු වන සන්ජීව් කුමාර් අගාර්වල් පත් කළා” යනුවෙන් උත්තර් ප්‍රදේශ් ක්‍රිකට් සංගමයේ ප්‍රකාශකයෙකු පී ටී අයි පුවත් සේවය වෙත පවසා තිබෙනවා.

ඉන්දියාව හා නවසීලන්තය අතර 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස සම තත්ත්වයේ පවතින අතර, තෙවැනි හා අවසන් 20යි 20 තරගය හෙට(1) අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...