Watch : 6 ,4, W ; දසුන්ගේ කඩුල්ල දවා ගැනීමට ලහිරු යොමු කළ සුපිරි යෝකර් පන්දුව

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැති 22 වැනි තරගයේ දී ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ පිතිකරු දසුන් ශානකගේ කඩුල්ල දවා ගැනීම සදහා විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කිරීමට අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඩුබායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබා ගත්තා.

ජෝ ක්ලාක් ලකුණු 52 ක් රැස් කළේ පන්දු 27 කින්. සුනිල් නරේන් ලකුණු 23(13) යි. ධනංජය ද සිල්වා ලකුණු 7(9)කටත්, චරිත් අසලංක ලකුණු 9(9) කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා. චාමික කරුණාරත්න පන්දුවාර 2ක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 19 ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩුබායි පිල පන්දුවාර 17.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුලු 7ක ජයක් හිමි කර ගනිමින්

නිරෝෂන් දික්වැල්ල පන්දු 22 කින් ලකුණු 37 ක් රැස් කළ අතර, ජෝර්ජ් මන්සේ ලකුණු 57 (43) ක් රැස් කළා.

දසුන් ශානක පන්දු 22 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 28 ක්. එක් හයේ පහරක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු දැවී ගිය පන්දුවට පෙර ලහිරු කුමාර යොමු කළ පන්දු දෙකේදී දසුන් ශානක විසින් හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කිරීමට ද සමත් වුණා. (දර්ශන පහතින් නරඹන්න)

මෙම පරාජයත් සමග නයිට් රයිඩර්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...