මාලිංග හමුවේ අසරණ වූ සචින්

Date:

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ බැබලවීමට මහගු කර්තව්‍යයක් ඉටු කල ක්‍රීඩකයින් ගැන කතා කරද්දී ලසිත් මාලිංග යන පුරාවෘත්තය අපට කිසිසේත්ම අමතක කරන්න බැහැ.

මේ සොදුරු වේග පන්දු යවන්නාගේ 37 වන උපන් දිනය යෙදී ඇත්තේ අද(28) දිනයටයි

තමන්ටම ආවේනික වූ පන්දු යැවීමේ ඉරියව්වකින් පන්දු යවන ඔහුගේ වේගවත් මෙන්ම දෝලනයක් සහිත යෝකර් පන්දු හමුවේ අසරණ වූ ජගතෙකු ක්‍රිකට් ක්‍රීඩාවේ සිටිය හැකිදැයි පැහැදිලි සැකයක් පැන නගිනවා.

විටින් විට පැමිණි ආබාධයන් නිසා ජාත්‍යන්තර ටෙස්ට් තරග 30 කට පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන ඔහු ටෙස්ට් කඩුලු 101 එකතුවකට ද උරුමකම් කියනවා.

වර්තමානයේ දී විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දී පමණක් දැක ගත හැකි ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 338 ක්.

අදටත් ලොව වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලුලාභියා වන මාලිංග කඩුලු 107 ක් තම නම ඉදිරියේ සටහන් කර ගන්නේ ලෝක වාර්තා ද රැසක් අලුත් කරමින්.

ලසිත් මාලිංග නම් පුරාවෘත්තය හමුවේ ලොව බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකු යැයි සැලකෙන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ද අසරණ වූ වාර අප කිහිප විටකදී ම දැක තිබෙනවා.

එම දැවීයාම් අතරින් සුවිශේෂී එක් අවස්ථාවක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...