පන්දුව පිරිමදින්න දහඩිය යොදා ගැනීමටත් තහනමක්

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගවලදී පන්දුව පිරිමැදීම සදහා දහඩිය යොදා ගැනීම සම්බන්ධයෙන් ද දැඩි සීමා පනවා තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානම අවම කර ගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය එම පියවර ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව හිස, මුහුණ සහ ගෙල ප්‍රදේශයේ දහඩිය පන්දුව පිරිමැදීම සදහා යොදා ගැනීම එරට ක්‍රීඩකයින්ට තහනම් කර ඇති බව සදහන්.

කොරෝනා වසංගතය හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය මීට පෙර තීරණය කළේ කෙළ යොදා ගනිමින් පන්දුව පිරිමැදීම තහනම් කිරීමටයි.

කෙසේ වෙතත්, ඒ සදහා දහඩිය යොදා ගැනීමේ හැකියාව අයි.සී.සී නීති ප්‍රකාරව හිමි වනවා.

නමුත් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ දහඩිය යොදා ගැනීම සදහා ද දැඩි සීමා පැනවීමටයි.

මුඛය සහ නාසය ආසන්න ප්‍රදේශවලින් නිකුත් වන දහඩිය පන්දුව පිරිමැදීම සදහා යොදා ගැනීම අත්හිටුවීම මෙහි අරමුණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...