ශ්‍රී ලංකාව අභිබවා ගිය දකුණු අප්‍රිකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගනියි

Date:

එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ කඩුලු 5ක විශිෂ්ඨ ජයත් සමග 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන ඒමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

නායක ටෙම්බා බවුමා වාර්තා කළ සුපිරි ශතකයෙන් ශක්තිමත් වූ දකුණු අප්‍රිකා කණ්ඩායම Bloemfontein හි පැවැති තරගය ජය ගත්තේ එක්දින ඉතිහාසයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 342 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

බවුමා ලකුණු 109 ක් රැස් කළේ පන්දු 102 කින්. ඩේවිඩ් මිලර් පන්දු 37 කින් නොදැවී ලකුණු 58 ක් ලබා ගත්තා.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගෙන ඇති දකුණු අප්‍රිකාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

පළමු තරග දෙකෙන් ලැබූ ජයත් සමග මේ වන විට අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම අයර්ලන්තය හා ශ්‍රී ලංකාව අභිබවා යමින් 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 79 ක් ද, ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 77 ක් ද, අයර්ලන්තයට ප්‍රසාද ලකුණු 68 ක් ද හිමියි.

ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 හිමි කර ගන්නා කණ්ඩායම් පමණයි. සෙසු කණ්ඩායම්වලට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට සිදු වනවා.

දකුණු අප්‍රිකාවට තවත් තරග 3 ක් සුපර් ලීගය යටතේ ඉතිරිව ඇති අතර, ඉන් එක් තරගයක් ඔවුන් ජයගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන්ට හැකි වනවා.

ශ්‍රී ලංකාවට ද සුපර් ලීගය යටතේ තවත් ඉතිරිව ඇත්තේ තරග 3 ක් පමණයි. එම තරග 3 නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...