“ඒක නරකම තණතීරුවක්” : පාන්ඩ්යා

Date:

නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා යොදා ගත් තණතීරුව “නරකම තණතීරුවක්” බව ඉන්දීය නායක හර්ඩික් පාන්ඩ්යා පවසනවා.

දෙවැනි 20යි 20 තරගයෙන් කඩුලු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ලක්නව් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. (101/4)

සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 26 ක් හා හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 15 ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඉෂාන් කිෂන් ලකුණු 19යි.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම කිසිදු පිතිකරුවෙකු එක් හයේ පහරක් හෝ එල්ල කිරීමට අසමත් වීම තරගය සදහා යොදා ගත් තණතීරුව කොපමණ නුසුදුසු තණතීරුවක් දැයි මොනවට පැහැදිලි කරනවා.

“අවංකව කීවොත්, ඒක ඉතා නරක තණතීරුවක්” යනුවෙන් පාන්ඩ්යා සදහන් කළා. “තරග දෙක සදහාම යොදා ගත් තණතීරු නුසුදුසුයි. අමාරු තණතීරු ගැන මම තැකීමක් කරන්නේ නැහැ. නමුත් මේ තණතීරු දෙක 20යි 20 සදහා සකස් කරලා නැහැ. ලකුණු 120 ත් මෙහෙ ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක්”

මෙම තරගයෙන් ඉන්දියාව ලැබූ ජයත් සමග මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...