පළමු 20යි 20 යොවුන් කාන්තා ලෝක ශූරතාවය ඉන්දියාවට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධාන කළ අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළදීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

දකුණු අප්‍රිකාවේ Potchefstroom හි Senwes Park හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 68 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් ලෝක ශූරයින් බවට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...