Watch : වනිදුගේ පන්දුවක් හමුවේ දසුන්ට කඩුල්ල අහිමි වූ හැටි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි 20 ලීගය යටතේ අද පැවැති තරගයකදී ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ පිතිකරු දසුන් ශානකගේ කඩුල්ල දවා ගැනීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබා ගත්තා.

කොලින් මන්රෝ ලකුණු 40 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 16 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩුබායි කැපිටල්ස් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් වයිපර්ස් කණ්ඩායම ලකුණු 12 ක ජයක් තහවුරු කර ගත්තා.

යුසුෆ් පතාන් නොදැවී ලකුණු 35 ක් ද, රොව්මන් පවෙල් නොදැවී ලකුණු 34 ක් ද රැස් කළා.

දසුන් ශානක ලකුණු 24 කට දැවී ගියේ වනිදු හසරංග යොමු කළ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින්. (දර්ශන පහතින්)

වනිදු මෙම ඉනිමේ දී ලකුණු 28 කට එක් කඩුල්ලක් දවා ගත් අතර, මතිෂ පතිරණ පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 23 ක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...