සංගීත්ගෙන් ශතකයක් ; මහනුවර ලකුණු 54 ක් පිටුපසින්

Date:

ජාතික සුපර් ලීග් (National Super League) සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා සිව්වැනි තරගවල දෙවැනි දිනය අදයි(27).

දිනය නිමා වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි තරගයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි යාපනය කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියා. දඹුල්ල කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය පිල පළමු ඉනිමට රැස් කළේ ලකුණු 62 ක් පමණයි.

යාපනය දෙවැනි ඉනිම වෙනුවෙන් නවෝද් පරණවිතාන ලකුණු 64 ක් ද, රොන් චන්ද්‍රගුප්ත ලකුණු 67 ක් ද රැස් කළා.

යාපනය කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන දඹුල්ල කණ්ඩායම මෙම තරගයේ දී සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත්තේ මිනෝද් භානුක ලබා ගත් ලකුණු 67 න් හා රනිත ලියනාරච්චි රැස් කළ ලකුණු 51 න් ශක්තිමත් වෙමින්.

පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ කඩුලු 3 ක් ද, නිපුන් මාලිංග, එෂාන් මාලිංග හා දිලුම් සුධීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

යාපනය කණ්ඩායම මේ වන විට ලකුණු 57 ක් ඉදිරියෙන් පසුවනවා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගාවලියේ සිව්වැනි තරගයේ දී මහනුවර කණ්ඩායම සමගින් තරග වදින්නේ ගාලු කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ගාලු පිල ලකුණු 365 ක් ලබා ගත්තා. ඒ, සංගීත් කුරේ රැස් කළ ලකුණු 132 න් හා ලක්ෂාන් එදිරිසිංහ ලබා ගත් ලකුණු 70 න් ශක්තිමත් වෙමින්. විශාද් රන්දික ලකුණු 53 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 44 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී නිපුන් රන්සික හා වනුජ සහන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අද දිනයට තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 21 ක්.

මහනුවර කණ්ඩායම මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 54 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...