ලකුණු 21 කින් ඉන්දියාව පරදා නවසීලන්තය ඉන්දීය සංචාරයේ පළමු ජය වාර්තා කරයි

Date:

මෙවර ඉන්දීය තරග සංචාරයේ සිය පළමු ජය වාර්තා කරමින් ඉන්දියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(27) සමත් වුණා.

රංචි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට කඩුලු 9 ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ දී ලබා ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 15 ක් තුළ දැවී ගිය අතර, අනතුරුව හර්ඩික් පාන්ඩ්යා සමග පිටියේ එක් වූ සූර්යකුමාර් යාදව් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 68 (51) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

සූර්යකුමාර් යාදව් ලකුණු 47 (34) කට දැවී ගිය අතර, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 21 යි. වොෂින්ටන් සුන්දර් පන්දු 28 කින් ලකුණු 50 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මයිකල් බ්‍රේස්වෙල්, මිචෙල් සැන්ට්නර් හා ලකී ෆර්ගසන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 176 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

ඩෙවෝන් කොන්වේ ලකුණු 52 ක් පන්දු 35 කින් වාර්තා කළ අතර, ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 59(30) යි. ෆින් ඇලන් ලකුණු 35 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...