රුටුරාජ් 20යි 20 තරගාවලියෙන් ඉවතට

Date:

ඉන්දීය පිතිකරු රුටුරාජ් ගයික්වඩ්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මැණික් කටුවක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනුයි ඔහුට එලෙස 20යි 20 තරගාවලිය අහිමි වී ඇත්තේ.

ඒ අනුව ආබාධය පිළිබද පරීක්ෂණ කටයුතු සදහා හා ආබාධය සුව කර ගැනීමේ පුනරුත්තාපන කටයුතු වෙනුවෙන් ඔහුව බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගයික්වඩ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු නොකරන බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය අද(27) රංචි හී දී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...