Aaron Phangiso ට පන්දු යැවීමේ තාවකාලික තහනමක්

Date:

දකුණු අප්‍රිකානු හා Joburg Super Kings කණ්ඩායමේ වමත් දග පන්දු යවන ක්‍රීඩක Aaron Phangiso ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියේ දී යළි පන්දු යැවීම ඔහුට තාවකාලිකව තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ස්වාධීන පන්දු යැවීමේ ඉරියව් කමිටුව විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂා කිරීමෙන් පසුව පසුගිය සදුදා සිය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව අයි.සී.සී නීති රීති අනුව නීත්‍යානුකූල නොවන බවයි එම කමිටුව විසින් සදහන් කර ඇත්තේ.

Aaron Phangiso ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පසුගිය 17 වැනිදා Pretoria Capitals කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී විනිසුරුවන් විසින් චෝදනා ගොණු කර තිබුණා.

පරීක්ෂණ වාර්තාව තුළින් ඔහුගේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව තහවුරු වුව ද, Joburg Super Kings කණ්ඩායම විසින් Aaron Phangiso ගේ ඉරියව්ව අයි.සී.සී අනුමත පරීක්ෂණ ආයතනයකදී පරීක්ෂා කිරීම සදහා ද ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එම පරීක්ෂණයේ දී ඔහුගේ ඉරියව්ව නිවැරැදි බවට හදුනා ගතහොත් ඔහුට යළි පන්දු යැවීමේ අවස්ථාව උදා වනු ඇති.

මෙවර SA20 තරගාවලියේ දී Aaron Phangiso මේ දක්වා ක්‍රීඩා කළ තරග 6 තුළ දී කඩුලු 10 ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

මීට පෙර 2016 වසරේ දී ද ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර, පසුව ඔහු සිය ඉරියව්ව නිවැරැදි කර ගනිමින් ක්‍රිකට් පිටියට පිවිසුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...