පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට Aaron Phangiso ට චෝදනා

Date:

මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA 20 ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු හා Joburg Super Kings කණ්ඩායමේ වමත් දග පන්දු යවන ක්‍රීඩක Aaron Phangiso ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Pretoria Capitals කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති තරගයේ දී යි තරග නිළධාරීන් විසින් මෙම චෝදනාව ගොණු කර ඇත්තේ.

තරගාවලියේ නීති රීති ප්‍රකාරව මෙම ගැටලුව පන්දු යැවීමේ ඉරියව් කමිටුව වෙත යොමු කිරීමට නියමිත අතර, එම කමිටුව විසින් මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹෙනු ඇති.

අදාළ තරගයේ රූපරාමු සමාලෝචනයකට ලක් කරමින් Aaron Phangiso ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද නිගමනයකට එළඹීම සදහා කමිටුවට දින 7ක කාලයක් පවතිනවා.

එම කාලය තුළදී Aaron Phangiso ට පන්දු යැවීම සදහා කිසිදු බාධාවක් ඇති වන්නේ නැහැ.

මීට පෙර 2016 වසරේ දී ද ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර, පසුව ඔහු සිය ඉරියව්ව නිවැරැදි කර ගනිමින් ක්‍රිකට් පිටියට පිවිසුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...