Watch : පූරාන් දැවී ගිය ටොම් කරන්ගේ සුපිරි යෝකරය

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගය යටතේ අද(24) රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 15 වැනි තරගයේ දී සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට Desert Vipers කණ්ඩායමේ ටොම් කරන් සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ MI Emirates කණ්ඩායමයි.

MI Emirates කණ්ඩායමේ වමත් ප්‍රහාරාත්මක පිතිකරු නිකලස් පූරාන්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි ටොම් කරන් මෙම සුවිශේෂී යෝකර් පන්දුව යොමු කරනු ලැබුවේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් MI Emirates කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 169 ක් රැස් කළා.

නායක කයිරන් පොලාඩ් නොදැවී ලකුණු 67 යි. නිකලස් පූරාන් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 57 ක්.

පන්දු යැවීමේ දී ටොම් කරන් ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ටොම් කරන් විසින් නිකලස් පූරාන් දවා ගත් අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...