ඉන්දියාව හමුවේ නවසීලන්තයට තරග 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් තරග 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 90 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 386 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 41.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 295 ක් පමණයි.

ඩෙවෝන් කොන්වේ ලකුණු 138 ක් පන්දු 100 කින් රැස් කළා. ඒ, හයේ පහර 8 ක් හා හතරේ 12 ක් සමගින්. හෙන්රි නිකල්ස් ලකුණු 42 ක් ද, මිචෙල් සැන්ට්නර් ලකුණු 34 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් හා කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 385 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කඩුලු 9 ක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 26.1 ක් තුළ ලකුණු 212 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රෝහිට් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

රෝහිට් ලකුණු 101 කට දැවී ගිය අතර, ගිල් ලකුණු 112 ක් රැස් කළා. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 54 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජෙකොබ් ඩ‍ෆී හා බ්ලෙයාර් ටික්නර් කඩුලු 3 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...