අයර්ලන්ත – බංග්ලාදේශ ඓතිහාසික ටෙස්ට් තරගයට දින නියම වෙයි

Date:

මාර්තු හා අප්‍රේල් මාසවලට යෙදී ඇති අයර්ලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ දී දෙරට අතර පැවැත්වෙන ඉතිහාසයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇති බව මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ද පැවැත්වීමට නියමිතයි.

මෙය ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා අයර්ලන්ත කණ්ඩායම 2008 වසරෙන් පසුව බංග්ලාදේශයේ සිදු කරන පළමු තරග සංචාරයයි.

අයර්ලන්ත කණ්ඩායම මාර්තු 12 වැනිදා බංග්ලාදේශයට ළගා වන අතර, මාර්තු 18, 20 හා 23 යන දිනවලදී සිල්හෙට් හී දී එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව Chattogram හී දී 20යි 20 තරගාවලිය පැවැත්වෙන්නේ මාර්තු 27, 29 හා 31 යන දිනවලදීයි.

දෙරට අතර ඓතිහාසික ටෙස්ට් තරගය අප්‍රේල් 4 සිට 8 දක්වා ඩකා හී දී පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්තය මේ දක්වා ටෙස්ට් තරග 3ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර, අවසන් ටෙස්ට් තරගය ඔවුන් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ දී එංගලන්තයට එරෙහිවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...