Watch : පිතිකරණය ද? පන්දු යැවීම ද? කාසියේ වාසිය දිනූ ෂර්මාට කරන්න යන දේ අමතක වූ හැටි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(21) දහවල් රායිපූර්හී දී ආරම්භ වුණා.

පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කළ බැවින් තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සම තත්ත්වයට රැගෙන ඒමටනම් නවසීලන්ත කණ්ඩායමට අද තරගයේ ජය අනිවාර්යයි.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

සිය කණ්ඩායම කාසියේ වාසිය ජයගතහොත් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ද? පන්දු යැවීමට තීරණය කළේ ද ? යන තීරණය කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී රෝහිට් ෂර්මාට අමතක වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදු වීමක් බවට පත් වුණා.

එම අවස්ථාව නවසීලන්ත නායක ටොම් ලේතම්ට, තරග තීරක ජවගල් ශ්‍රීනාත්ට මෙන්ම නිවේදක රවී ශාස්ත්‍රිට ද සිනහවක් ගෙන ඒමට සමත් වුණා.

දර්ශන පහතින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...