Watch : අසලංක දවා ගැනීමට හසරංග දැක් වූ සුපිරි පන්දු රැකීම මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගය යටතේ අද(20) රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 9 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කිරීමට Desert Vipers කණ්ඩායමේ වනිදු හසරංග සමත් වුණා.

ඔහු විසින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් Abu Dhabi Knight Riders කණ්ඩායමේ පිතිකරු චරිත් අසලංක දුවද්දී දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Desert Vipers කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 219 ක් රැස් කළා. ඇලෙක්ස් හේල්ස් පන්දු 59 කින් ලකුණු 110 ක් රැස් කළ අතර, කොලින් මන්රෝ ලකුණු 56 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 31 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Knight Riders කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී යි චරිත් අසලංක ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට වනිදු හසරංග විසින් මෙම විශිෂ්ඨ පන්දු රැකීමේ දක්ෂතාවය පෙන්නුම් කළේ.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...