හසරංගගේ වයිපර්ස් කණ්ඩායමට ලකුණු 111ක දැවැන්ත ජයක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගයේ 9 වැනි තරගයෙන් ලකුණු 111 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ක්‍රීඩා කරන Desert Vipers කණ්ඩායම අද(20) සමත් වුණා.

ඔවුන් හමුවේ අබුඩාබි හී දී පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ Abu Dhabi Knight Riders කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Desert Vipers කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 219 ක් රැස් කළා.

ඇලෙක්ස් හේල්ස් පන්දු 59 කින් ලකුණු 110 ක් රැස් කළ අතර, නායක කොලින් මන්රෝ ලකුණු 56(41) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 31 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Knight Riders කණ්ඩායමට පන්දුවාර 15.1 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

අන්ඩ්‍රි රසල් ලකුණු 57 ක් රැස් කළේ පන්දු 29 ක් පමණක් වැය කරමින්. ධනංජය ද සිල්වා ලකුණු 12 කටත්, චරිත් අසලංක ලකුණු නොලබාත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රෙල් ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 21 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

https://twitter.com/cricday96/status/1616485451057213440?t=HuM14DB_U8WUTmVtzsafZA&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...