දකුණු අප්‍රිකා සංචිතයට සිසන්ඩා කැදවයි ; බ්‍රේවිස්ට තවමත් සංචිතයේ ඉඩක් නැහැ

Date:

එංගලන්තය සමග ඉදිරියේ දී සිය රටේ දී ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට සිසන්ඩා මගාලා කැදවා තිබීම විශේෂත්වයක්.

19 හැවිරිදි යොවුන් සුපිරි පිතිකරු ඩිවාල්ඩ් බ්‍රේවිස් මෙම සංචිතය සදහා ද නම් කර නැහැ.

එරට තේරීම් කමිටුව පෙන්වා දෙන්නේ ඔහුව 20යි 20 තරග හරහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හදුන්වා දීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

එරට සීමිත පන්දුවාර කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කෙරුණු Rob Walter මෙම තරගාවලියේ දී කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු නොකරන බැවින්  දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කෙරුණු Shukri Conrad මෙම තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර එක්දින තරගාවලිය ජනවාරි 27 වැනිදා සිට පෙබරවාරි පළමු වැනිදා දක්වා පැවැත්වීම නියමිතව තිබෙනවා.

South Africa squad:

Temba Bavuma (capt), Quinton de Kock, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen (wk), Sisanda Magala, Keshav Maharaj, Janneman Malan, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...