ඉෂාන් හා සූර්යකුමාර් ඉන්දීය ටෙස්ට් සංචිතයට

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 4 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 2 සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා ඉෂාන් කිෂාන් කැදවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් රිය අනතුරකට ලක්වීමත් සමග දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබීම හේතුවෙනුයි කිෂාන් මෙලෙස සංචිතයට නම් කර ඇත්තේ.

20යි 20 තරගවලදී සුපිරි දක්ෂතා අතර රැදී සිටින සූර්යකුමාර් යාදව් ද ඉන්දීය ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින ජස්ප්‍රිට් බුම්රා මෙම තරගාවලියට ද නම් කර නැහැ.

ආබාධයකට ලක්ව සිටි රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් සංචිතයට නම් කර ඇතත්, ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් ඔහු තරගාවලියට ක්‍රීඩා කරනු ඇති.

Squad:

Rohit Sharma (Captain), KL Rahul (vice-captain), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Shreyas Iyer, KS Bharat (wk), Ishan Kishan (wk), R. Ashwin, Axar Patel, Kuldeep Yadav, Ravindra Jadeja, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Jaydev Unadkat, Suryakumar Yadav.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...