ඓතිහාසික පරාජය ගැන ක්‍රිකට් ආයතනය වාර්තාවක් ඉල්ලයි

Date:

ඉන්දියාව සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායම් කළමනාකරු වෙත නියම කර තිබෙනවා.

එම වාර්තාව නායකයාගේ, ප්‍රධාන පුහුණුකරුගේ, තේරීම් කමිටුවේ හා කළමනාකරුගේ අදහස්වලින් සමන්විත විය යුතු බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දින පහක කාලයක් තුළ මෙම වාර්තාව ලබා දෙන ලෙස ද ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරු වෙත නියම කර තිබෙනවා.

අවසන් එක්දින තරගයේ දී කණ්ඩායම දැක් වූ දුර්වල ක්‍රීඩාවිලාශයට පසුබිම සමාලෝචනය කිරීමට හා අවබෝධ කර ගැනීමට මෙම වාර්තාව තුළින් හැකි වන බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පසුගිය 15 වැනිදා තිරුවානන්තපුරම් හී දී පැවැති අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 317 ක දරුණු පරාජයක් ලැබූ අතර, එය ඉතිහාසගත වුණේ ජාත්‍යන්තර එක්දින තරගයකදී කණ්ඩායමක් ලකුණු පරතරය අතින් ලැබූ දරුණුතම පරාජය ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...