Watch : කිෂාන්ව අසරණ කළ කසුන්ගේ සුපිරි පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(5) රාත්‍රී 7ට පූනේ හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්.

කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් රැස් කළේ පන්දු 31 කින්. චරිත් අසලංක ලකුණු 37 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 22 කින් ලකුණු 56 ක් නොදැවී ලබා ගත්තා. හයේ පහර 6 ක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

දසුන් පන්දු 20 කින් සිය අර්ධ ශතකය වාර්තා කළ අතර, එය ඉතිහාසගත වුණේ 20යි 20 තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

පන්දු යැවීමේ දී උම්රාන් මලික් ලකුණු 48 කට 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉන්දීය ඉනිමේ දෙවැනි පන්දුවාරයෙන් ඉෂාන් කිෂන් දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි කිෂාන් දැවී ගියේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...