සුපිරි සටනකින් පසු ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

Date:

ඉන්දියාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (5) සමත් වුණා.

පූනේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්.

කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් රැස් කළේ පන්දු 31 කින්. පැතුම් නිස්සංක ලකුණු 33 කට දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 37 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 22 කින් ලකුණු 56 ක් නොදැවී ලබා ගත්තා. හයේ පහර 6 ක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

දසුන් පන්දු 20 කින් සිය අර්ධ ශතකය වාර්තා කළ අතර, එය ඉතිහාසගත වුණේ 20යි 20 තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

පන්දු යැවීමේ දී උම්රාන් මලික් ලකුණු 48 කට 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 190 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 57 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. කෙසේ වෙතත්, 6 වැනි කඩුල්ල සදහා පන්දු 40 කින් ලකුණු 91 ක් වාර්තා කිරීමට අක්සාර් පටෙල් හා සූර්යකුමාර් යාදව් සමත් වුණා.

සූර්යකුමාර් ලකුණු 51 ක් ලබා ගත්තේ පන්දු 36 කින්. අක්සාර් පන්දු 31 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 65 ක්.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක, කසුන් රාජිත හා දසුන් ශානක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...