රිෂාබ් පාන්ට් ගුවනින් මුම්බායි වෙත

Date:

රිය අනතුරකට මුහුණ දී දෙහ්රාදුන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් මුම්බායි නුවරට රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ගුවන් මගින් (air ambulance) ඔහුව මුම්බායි වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිය පාලක මණ්ඩලය විසින් සිදු කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (4) නිවේදනය කළේ.

ඒ අනුව මුම්බායිහි කෝකිලබෙන් ධිරුබායි අම්බානි රෝහල හා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ඔහුව ඇතුළත් කිරීමට කටයුතු කිරීමට නියමිතයි.

රිෂාබ් පාන්ට් එහිදී ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව ඇති බව සදහන්.

Uttarakhand හි Roorkee ප්‍රදේශයේ දී පසුගිය 30 වැනිදා අලුයම් කාලයේ දී ඔහු පැදවූ මෝටර් රථය අනතුරකට ලක් වූ අතර, අනතුරින් පසුව මෝටර් රථය ගිනිගෙන විනාශ වුණා.

එම අනතුරින් රිෂාබ් පාන්ට්ට දැඩි තුවාල සිදුව තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...