ඉන්දීය 20යි 20 සංචිතයට වෙනසක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි හා තෙවැනි 20යි 20 තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය පිතිකරු සංජු සැම්සන්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් දණහිහෙසි ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු 20යි 20 තරගයේ දී පන්දු රකිමින් සිටියදීයි ඔහු මෙම ආබාධයට ලක් වුණේ.

ඒ හේතුවෙන් ඔහු සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග පූනේ බලා පිටත්ව ගොස් නොතිබූ අතර, සංජු සැම්සන් මුම්බායි හී දී වෛද්‍ය පරීක්ෂණ සදහා මුහුණ දුන්නා.

අනතුරුව ඔහුට විවේක ගන්නා ලෙසටත්, ආබාධය සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වීමටත් උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු වෙනුවට ජිටේෂ් ෂර්මා ඉන්දීය 20යි 20 සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, අසනීපයක් හේතුවෙන් පළමු 20යි 20 තරගය ක්‍රීඩා නොකළ අර්ෂ්දීප් සිං මේ වන විට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව සදහන්.

ඔහු වෙනුවට පළමු 20යි 20 තරගයට කැදවූ ශිවම් මාවි සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරමින් කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය බ්‍රහස්පතින්දා(5) රාත්‍රී 7ට පූනේ හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s updated squad for Sri Lanka T20Is:

Hardik Pandya (Captain), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (VC), Deepak Hooda, Rahul Tripathi, Jitesh Sharma (wk), Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.

(ඉන්දීය ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකින් පසුව මෙම පුවත යාවත්කාලීන කරන ලදී.)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...