ශ්‍රී ලාංකිකයෙකු වෙනුවට චාමික කැපිටල්ස් පිලට

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගය (International League T20) (ILT20) සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද ගිවිසුම් ගතව තිබෙනවා.

ඔහු සිය කණ්ඩායම සමග ගිවිසුම්ගත වූ බවයි ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නිවේදනය කළේ.

පාදයක ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවටයි චාමික එම කණ්ඩායම සමග එක්ව ඇත්තේ.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන චරිත් අසලංක Abu Dhabi Knight Riders කණ්ඩායම සදහා ද, වනිදු හසරංග Desert Vipers කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

චාමිකට අමතරව භානුක රාජපක්ෂ හා දසුන් ශානක ද Dubai Capitals කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ. ඩුබායි කණ්ඩායම් උප නායකයා ලෙස දසුන් ශානක පත් කර තිබෙනවා.

තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර, පළමු වරට සංවිධාන කරන මෙම තරගාලිය සදහා තරග 34 ක් ඇතුළත්. මූලික වටයට අයත් තරග ගණන 30 ක්.

ඩුබායි ක්‍රීඩාංගනයේ දී තරග 16 ක් ද, අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගනයේ දී තරග 10 ක් ද, සාජා ක්‍රීඩාංගනයේ දී තරග 8 ක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...