සම්පාට වැරදුණු මැන්කාඩ් දවා ගැනීම ; නීතිය මෙන්න

Date:

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(3) පැවැති තරගයකදී මැන්කාඩ් ක්‍රමය යටතේ ඇඩම් සම්පා විසින් පන්දු යවන අන්තයේ සිටි පිතිකරුවෙකු දවා ගැනීමට ගත් උත්සාහය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙල්බර්න් රෙනගේඩ්ස් හා මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම් අතර පැවැති තරගාවලියේ 27 වැනි තරගයේ දී යි මෙම සිදු වීම වූයේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෙනගේඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 141 ක් රැස් කළා.

ඉනිමේ අවසන් පන්දුවාරය ඇඩම් සම්පා විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ 5 වැනි පන්දුව යොමු කිරීමට පෙරයි ඔහු විසින් පන්දු යවන අන්තයේ රැදී සිටි ටොම් රොජර්ස් දුවද්දී දවා ගැනීමට තැත් කළේ.

සම්පා විසින් කඩුල්ල බිද දමන අවස්ථාවේ දී ටොම් රොජර්ස් සීමාවෙන් ඉවත රැදී සිටි බැවින් බොහෝ දෙනෙකු ඔහු අනිවාර්යයෙන් දැවී ගිය අයෙකු විය යුතු බවට අනුමාන කළා.

කෙසේ වෙතත්, පිටියේ විනිසුරුවන් විසින් එය තෙවන විනිසුරුට යොමු කළ අතර, එහිදී තෙවන විනිසුරු විසින් පිතිකරු දැවී නොගිය අයෙකු ලෙසයි නම් කළේ.

ඇඩම් සම්පා විසින් සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්පූර්ණ කිරීමෙන් පසුව කඩුල්ල බිද දැමීම ඊට හේතු වී තිබුණා.

මෙවැනි අවස්ථාවක පිතිකරු දුවද්දී දවා ගැනීමටනම් (මැන්කාඩ්) පන්දු යවන්නා විසින් පන්දුව යොමු කරන ඉරියව්වේ දී සිය අත ඉහළම ස්ථානයට යාමට පෙර කඩුල්ල බිද දැමීම සිදු කළ යුතු වනවා.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී ඇඩම් සම්පා පන්දුව යොමු නොකර සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්පූර්ණ කර තිබීම හේතුවෙනුයි අදාළ අවස්ථාව දැවී යාමක් ලෙස සටහන් නොකිරීමට තෙවන විනිසුරු කටයුතු කළේ.

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය ද මෙම නීතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...