ලබුෂේන් – කවාජා සම්බන්ධතාවය ඔස්ට්‍රේලියාව ස්ථාවර කරයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(4) සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනය අයහපත් අලෝක තත්ත්වය හා වර්ෂාව සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවාර 47 කට සීමා වූ අතර, දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියා.

උස්මාන් කවාජා නොදැවී ලකුණු 54 යි. ඔහු සමග ඉනිම ආරම්භ කළ ඩේවිඩ් වෝනර් ලකුණු 10 කට දැවී ගියේ අන්රින් නොකියාගේ පන්දුවක් හමුවේයි.

මාර්නස් ලබුෂේන් හා කවාජා දෙවැනි කඩුල්ල සදහා ලකුණු 135 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වූ අතර, එම සබදතාවය බිද වැටුණේ ලබුෂේන් ලකුණු 79 කට දවා ගැනීමට නොකියා සමත් වීමත් සමගයි.

පන්දුවාර 11 කදී නොකියා කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 26 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...