වෝනර්ගේ ද්විත්ව ශතකය හමුවේ ඔස්ට්‍රේලියාව දෙවැනි තරගයේ පාලනය සියතට ගනියි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බර්න් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(27) නිමා වුණේ තරගයේ පාලනය සත්කාරක ඔස්ට්‍රේලියානුවන්ට හිමි කර දෙමින්.

තම සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඩේවිඩ් වෝනර් ලකුණු 200 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළ අතර, දෙවැනි දිනය නිමා වූයේ ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියදීයි.

ඒ, දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 189 ට පිළිතුරු ලෙසයි. ස්ටීවන් ස්මිත් ලකුණු 85 කට දැවී ගිය අතර, ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 48 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

වෝනර් හා ස්මිත් අතර තෙවැනි කඩුල්ල සදහා ලකුණු 239 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

ඩේවිඩ් වෝනර් ලකුණු 200 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර, පන්දුවක් අතක වැදීම හේතුවෙන් සිදු වූ ආබාධයක් නිසා කැමරන් ග්‍රීන් ද ලකුණු 6 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 197 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...