දකුණු අප්‍රිකාව සමග හෙට(26) ආරම්භ වීමට නියමිත බොක්සිං දින ටෙස්ට් තරගය සදහා ද ස්කොට් බෝලන්ඩ් ක්‍රීඩා කරන බව ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පවසනවා.
ඒ අනුව ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට මෙම ටෙස්ට් තරගය ද අහිමි වී ඇත්තේ ඔහු තවමත් එම ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින්.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
දෙවැනි ටෙස්ට් තරගය හෙට මෙරට වේලාවෙන් අලුයම 5 ට මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි.
Australia XI:
David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (c), Mitchell Starc, Nathan Lyon, Scott Boland

